hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 අප්‍රේල් 18, ප.ව. 6:59



ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තවත් මන්ත්‍රීවරයෙක් ආණ්ඩුව සමග එක් වුණා.

ඒ රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දෙමින්.

ජාතික ලැයිස්තු මන්ත්‍රී

එසේ ආණ්ඩුව සමඟ ශ්‍රී.ල.නි.පය නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ එකම මන්ත්‍රීවරයා වූ ආචාර්ය සුරේෂ් රාගවන්.

ආචාර්ය රාගවන් මහ මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම පිළිබඳවද ශ්‍රී.ල.නි.පය තුළ විරෝධතා තිබුණා.

ඒ ශ්‍රී.ල.නි.පයෙන් නොවිමසා පොදුජන පෙරමුණ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඔහුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නම් කිරීම නිසා.

ප්‍රමුඛ නම

ශ්‍රී.ල.නී.පය ජාතික ලැයිස්තුවට නම් දෙකක් ඉදිරිපත් කළ අතර ඉන් පළමු වෙනි නම වූයේ පක්ෂයේ හිටපු මහ ලේකම්වරයෙකු වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසව.

ආචාර්ය රාගවන් බැසිල් රාජපක්ෂ මහතාට ඉතා සමීප තැනැත්තකු ලෙසයි පිළිගැනෙන්නේ.

ඉකුත් සතියේ ශ්‍රී.ල.නි.පය නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මහතාද රාජ්‍ය අමාත්‍යධූරය ක දිවුරුම් දුන්නා.

තනතුරු වලින් ඉවතට

ශාන්ත බණ්ඩාර මහතාව ඔහු දිවුරුම් දුන් දිනට පසු දිනම ඔහු පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ශ්‍රී.ල.නි.පය ඉවත් කළා.

ඒ ඩාර්ලි පාර පක්ෂ මූලස්ථානයේ විශේෂ රැස්වීමක් පවත්වමින්.

මේ වනවිට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම 14 සිට 12 දක්වා අඩු වී තිබෙනවා.