hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 18, පෙ.ව. 8:44



ලබන වසර (2023 ) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය පාර්ලිමේන්තුවට අද (18) ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම රුපියල් කෝටි හත් ලක්ෂ අසූ හත් දහස් නවසිය හතළිස් නවය  ඉක්මවනවා.

වැටුප් ගෙවීම් ඇතුළු එදිනෙදා කටයුතුවලට අවශ්‍ය වන පුනරාවර්තන වියදම් සඳහා රුපියල් කෝටි හාරලක්ෂ හැටතුන්දහස් හාරසියයකට අධික මුදලක් වෙන් කර තිබෙන අතර සංවර්ධන ව්‍යාපෘති සඳහා වන මූලධන වියදම් වෙනුවෙන් වෙන්  කෙරෙන මුදල රුපියල් කෝටි තුන් ලක්ෂ විසි හතර දහස් හාරසියය ඉක්මවා ඇතැයි වාර්තා වනවා.

ලබන වසර සඳහා වැඩිම මුදලක් වෙන් කෙරෙන්නේ රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු ,පළාත්පාලන සහ පළාත්සභා අමාත්‍යාංශය වෙනුවෙන්. එම මුදල රුපියල් කෝටි අසූ පන් දහස් හයසිය විසි පහක් වෙයි. මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හැට එක් දහස් තුන්සිය අනූ තුනකට අධික මුදලක් ද ආරක්ෂක  අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි  හතළිස් එක් දහසක් ද වෙන් කෙරෙනවා.

එමෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි තිස් දෙදහස් දෙසියයකට ආසන්න යි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි තිස් හත් දහස් දෙසිය හැට හතරකට අධික මුදලක් ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි එකොළොස් දහස් පන්සියයක් ද වෙන් කර තිබෙනවා.

රුපියල් කෝටි විසිතුන් දහස්දෙසියයක් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා ද රුපියල් කෝටි  තුන්දහස් හත්සිය විස්සක් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා ද වෙන් කර තිබෙන අතර ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි තුන්සිය හැත්තෑ අටකට අධික යි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: