hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 31, ප.ව. 12:27



දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ හැටන් දික්ඔය ඇන්ෆිල්ඩ් වතුයායේදි (30) දින සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ප්‍රධාන කාර්යාලය විවෘත කල අවස්තාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් මහතා සහභාගි විම පක්ෂ දෙකේම සෙසු නායකයින්ගේ විවෙචනයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

උත්සවය පැවැත් වු අවස්තාවේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා එම උත්සවයට සහභාගි වන බව දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායකයා විසින් තමන්ව දැනුවත් කර ඇති අතර, එම උත්සවයේ මද වේලාවක් රැදි සිට ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා උත්සවයට සහභාගි විමට ප්‍රථම දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායකයෙකු සහ පා.ම දෙදෙනෙකු එම උත්සව ශාලාවෙන් පිටව ගොස් ඇති බවත් වාර්තාවනවා.

නියෝජ්‍ය නායකයා සහ පා.ම පිටව යාමත් සමග ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක්ද උත්සව ශාලාවෙන් පිටව ගොස් ඇති බව දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ සමාජිකයෙකු ප්‍රකාශ කර තිබෙනවා.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම්වරයා එම උත්සවයට සහභාගි විම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේද ජෙෂ්ඨ නායකවරුන් කිහිප දෙනෙකුගෙන් එයට විරෝධය පල කර ඇති අතර, දමිල ප්‍රගිතිශිලි සන්ධානය සහ ලංකා කම්කරු කොන්ග්‍රසය එකට එක් වි ඉදිරියේදි කටයුතු කිරිම ඉන්දිය රජයේ අවශ්‍යතාවයක් මත සිදු වු දෙයක් බවයි දමිල ප්‍රගිතිශිලි සන්ධානයේ සමාජිකයෙකු කියා සිටියේ.