hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 21, ප.ව. 3:12



සිය ජීවිත කාලයම පුරා සටන් කලද කොළඹ ජනතාවටගේ නිවාස ගැටළුවට පිළියමක් සොයා ගැනීමට නොහැකි වුවද මෙවර අයවැයෙන් එම ගැටළුවට ස්ථීර විසදුමක් ලබා දීම පිළිබඳව තමා අතිශයින් සතුටට පත්වන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතා පවසනවා.

එම නිසා මෙවර අයවැය යෝජනාව සඳහා කොන්දේසි විරහිතව සහාය ලබාදීමට මන්ත්‍රිවරයා කටයුතු කරන බවද වාර්තා වෙනවා.

මෙවර අය වැයෙන් රජයේ නිවාස සංකීරණ වල ජීවත්වන නිවාසලාභීන් සඳහා ස්ථිර ඔප්පු ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.

දීර්ඝ කාලයක් පුරා මෙම ගැටළුව විසඳා ගැනීමට විවිධ රජයන් තුළ උත්සාහ දැරුවත් එය ව්‍යාර්ථ වී ගිය බවද මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

එම නිසා මෙවර අයවැය යෝජනාව සඳහා සහාය ලබා දීමට මන්ත්‍රීවරයා සූදානමින් සිටින බවද වැඩි දුරටත් වාර්තා වනවා.