hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:45



නිට්ටඹුව ප්‍රදේශයේ මැයි 09වනදා සිදුවූ සිදුවීමෙන් මිය ගිය පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.

එහිදී අදාළ සිදුවීම පිළිබඳ සිය බලවත් කණගාටුව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු අවශ්‍ය ඕනෑම උපකාරයක් ඇත්නම් තමා වෙත දැනුම් දෙන ලෙස ද ඔවුන්ට ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

තමා පෞද්ගලිකව හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් රජයෙන් කෙරෙන ප්‍රදානයන් යටතේ ඕනෑම උපකාරයක් එම දරුවන්ගේ අනාගතයත් පවුලේ සුබසාධනයත් වෙනුවෙන් ලබාදීමට සූදානම් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ අතර අදාළ සිදුවීමෙන් මිය ගිය අමරකීර්ති අතුකෝරාළ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිලධාරියා වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ද පසුගියදා ජනාධිපතිවරයා අතින් සිදු වුණා.