hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 21, පෙ.ව. 8:30



වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී දිවුරුම් දීමට නියමිතයි.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේයි.

දිවුරුම් දීමෙන් පසු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරනු ඇති.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ඡන්දයෙන් ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඊයේ(20) විශේෂ ප්‍රකාශයක් කරමින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ තමාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනාධිපති ධූරයෙහි දිවුරුම් දීමට අවස්ථාව ලබා දෙන ලෙස යි.

සියලු දේශපාලන පක්ෂ එකතුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා ඊයේ (20) යෝජනා කළා.

මේ අතර ජනාධිපතිවරයා තෝරා ගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය ධූරය ද මේ වන විට හිස්ව පවතිනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ අග්‍රාමාත්‍ය ධූරය හෙඹවූවේ රනිල් වික්‍රසිංහ මහතායි. 

ඒ අනුව සියලු දෙනාගේ යෝජනා ලබාගෙන අගමැති ධුරයට මන්ත්‍රිවරයකු නම් කිරීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය ධූරය සඳහා සිව්දෙනෙකුගේ නම් පිළිබඳ මේ වන විට අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

සභානායක දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත් සහ විජේදාස රාජපක්ෂ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆෝන්සේකාද ඒ අතරට අයත්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අගමැති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධනගේ නම යෝජනා කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: