hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 23, පෙ.ව. 2:21



ඉදිරියේදි පැවැත්වෙන ඕනෑම මැතිවරණයකදී කිසිදු පක්ෂයකට 50% ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

අකිල විරාජ් කාරියවසම් මහතා ඒ බැව් කියා සිටියේ ඊයේ (22) නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්විම අමතමින්.

එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන සංවිධායක කැළුම් කරුණාතිලක මහතා විසින් සංවිධානය කර තිබු රැස්විමට එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වුණා..

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියමිත වේලාවට අවශ්‍ය තින්දු තිරණ ගැනිම නිසා රටේ ජනතාවට සහනයක් ලැබි ඇති බවයි.

රටේ උද්ධමනය මේ වන විට තනි ඉලක්කමක් දක්වා පැමිණ ඇති බවත්, ඉදිරියේදි රටේ ජනතාවට මිට වඩා සහන රැසක් ලැබෙන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්විමට එම පක්ෂයේ සමාජිකයන් රැසක් සහභාගි වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: