hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 16, ප.ව. 5:01



ලාල් කාන්ත කියන්නේ ජාතික ජනබලවේගයේ ප්‍රගතිශීලි මනුස්සයෙක් යැයිද එලියට ගිහින් හිතලා රටේ සාමාන්‍ය ජනතාව ගැන කතා කරන කෙනෙක් යැයි එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවා.

ඒ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී.

මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩ වර්ජනය කරන්නැයි ඉල්ලා සිටියද වැඩ වර්ජනය කර ජනතාව අසීරුතාවයට පත් කරන්න එපා යැයි ජාතික ජන ජනබලවේගයේ ලාල්කාන්ත පවසා ඇතැයි ද ඒ ගැන කිව හැක්කේ කුමක්දැයි මාධ්‍යවේදියා මෙහිදී විමසුවා.

ඊට පිළිතුරු දෙමින් අකිල විරාජ් කාරියවසම් මහතා “රටට අමාරු වෙලාවේ වැඩ වර්ජන අපරාධය දවසක පලිසන් දෙන බව “එතුමාට” වුනත් තේරෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති එතුමා අතිනුත් ඔය වගේ ප්‍රකාශ නිකුත් වෙන්නේ”යනුවෙන් පැවසුවා.