hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 25, ප.ව. 4:18



පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි මහතා විසින් නීතිවිරෝධී රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් සමඟ අත්අඩංගුවට පත් වුණා.

කෙසේ වෙතත් ඒවා ගුවන්තොටුපොළේ දී රේගුව විසින් අත්අඩංගුවට ගත් විට තමන් ජනාධිපති ලේකම්වරයාටත් අග්‍රාමාත්‍ය ලේකම්වරයාටත් කතා කලද ඔවුන්ගෙන් තමන් නිදහස් කර ගැනීමට කිසිදු සහායක් නොලද බවත් හෙතෙම කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා සිටියේ “මේ දඩය ගහලා එළියට දාලා අපි ජන්දය ගන්න හදනවා කියලා කියනවා. මන්ත්‍රීතුමා කියනවා අපිට කවුරුත් ආණ්ඩුවේ අය උදව් කළේ නැති නිසා මම අනිත් පැත්තට ජන්දය දෙනවා කියලා. මම ඒ ප්‍රකාශය ගැන ආඩම්බර වෙනවා.”යනුවෙනුයි.

මෑත ඉතිහාසයේ ගැසූ වැඩිම දඩය මන්ත්‍රී අලි සබ්‍රි මහතාට ගැසූ බවත් ඒ මහතා පෙන්වා දුන්නා.

මෙසේ එම මන්ත්‍රීවරයා නිදහස් කළේ ජන්දය ලබා ගැනීමට බවට විපක්ෂය චෝදනා නැගුවද එය අසත්‍යක් බවද සඳහන් කළා.