hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මැයි 18, පෙ.ව. 7:51



ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් ෆ්‍රාන්සුවා පැක්ටෙට් (Jean-François Pactet) මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (17) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡාවට ලක්වූ අතර ත්‍රස්තවිරෝධී පනත සහ මැතිවරණ කල් දැමීම යන ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්වයන් පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා.

එසේම ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට මෙම වසරේ වසර 75ක කාලයක් සම්පූර්ණ වීම පිළිබඳව සැලකිල්ලට ලක් කරමින් ජාතික ජන බලවේගය අඛණ්ඩ ශ්‍රී ලංකා – ප්‍රංශ සබඳතාවට සුබපැතුම් පිරිනැමීමටද මෙය අවස්ථාවක් කර ගත් බව ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය සඳහන් කළා.

මෙම සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතාද එක්ව සිටියා.