hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 18, පෙ.ව. 7:54



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.

එහිදී මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද මේ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ඔස්සේ තමන්ට ලැබුණු බවද හෙතෙම සඳහන් කළා.

ජනතා විමුක්ති පෙරමුණට මුලින් පැවති ජනතා රැල්ල අද වන විට බිමටම වැටී ඇති නිසා පළාත් පාලන ඡන්දය කල් දැමීම සඳහා ඔවුන් සාකච්ඡා කර ඇතැයිද ඔහු පෙන්වා දුන්නා.

මැතිවරණයෙන් ඔවුන්ගේ සැබෑ නිරුවත හෙළි වන බව දැනගෙන මෙම මැතිවරණය කල් දැමීමට ඔවුන් උත්සාහ කරන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

නමුත් එම උත්සාහයන්ට ඉඩ නොදෙන බවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරදීමට කැපවන බවත් ඔහු අවධාරණය කරනවා.

සුජීව සේනසිංහ මහතා මේ බව පැවසූවේ සමගි ජන බලවේගය ජන හමුවක් අමතමින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: