hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 18, ප.ව. 12:05



මගේ පත්වීම දේශපාලනිකයි. ඒත් මම වැඩ කළේ ඒ දේශපාලනය කර පින්නාගෙන නොවෙයි. මේ දිස්ත්‍රික්කයේ ජාතීන් තුනම එක හා සමානව ඉන්නවා. මේ එකම ජාතියකටවත් ආගමකටවත් පැත්තක් නොගෙන, දේශපාලනිකවත් පක්ෂපාතී නොවී තමයි සමානව වැඩ කළේ. මා ඉවත් කිරීමට ඒ අරමුණු ඉටුනොවීම හේතු විය හැකියි. නමුත් මා අවංකව සේවය කළා යැයි මට සතුටින් ගෙදර යා හැකි යැයි නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සිය සමුගැනීමේ කතාවේදී පැවැසුවා.

ඇය මෙසේ ප්‍රකාශ කළේ පෙරේදා (16) ත්‍රිකුණාමලය ආණ්ඩුකාර කාර්යාලයේදී සිය සමුගැනීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින්.

ඇය වැඩිදුරටත් මෙසේද සඳහන් කළා.

“මම මේ ප්‍රදේශයට සේවය කළේ හදවතින්මයි.  නැඟෙනහිර පළාත කියන්නේ කෘෂි සංස්කෘතියක් ඇති පළාතක්. කෘෂිකර්මාන්තය දියුණු කිරීමට මහ වැව්වලින් පෝෂණය වන කුඩා එල්ලංගා වැව් විශාල ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කරන්නට ලැබීමත්, ඒ මඟින් වගා බිම් ප්‍රමාණය වැඩිකර ගැනීමට ලැබීම මා ලැබූ ජයගුහණයක් කියලා මම හිතනවා.

යුද්ධයෙන් අසරණ අයගේ ඉඩම් ගැටලු සම්බන්ධව සොයා බැලීමට කමිටු පත්කර ඒ කමිටුවලින් ලබාදෙන නිර්දේශයන් ප්‍රදේශීය ලේකම්වරුන්ට ලබාදී ඔවුන්ට සාධාරණයක් කිරීමට මඟ පෑදුවා. ආර්ථික අර්බුදයෙන් විශාල ලෙස කඩා වැටී ඇති අප රටේ සමාජයීය වශයෙනුත් පිරිහී වියානුකූල බව නැතිව ගිය තැන කිසිම ආගම් භේදයක් නොමැතිව මම පන්සිල් පද පහ රකිමු කියන තැනට පෙර සමාජය ගෙන ඒමට වැඩ කටයුතු  කළා

අධ්‍යාපනික පැත්තෙන් ලොකු ජයග්‍රහණයක් ලැබුවා ලංකාවේ 9 වැනි තැනට තිබූ අප පළාත උසස් පෙළ ප්‍රතිඵලවලින් පළමු තැනට ගන්න මට පුළුවන් වුණා. මගේ පත්වීම දේශපාලනිකයි. ඒත් මම වැඩ කළේ ඒ දේශපාලනය කර පින්නාගෙන නොවෙයි. මා අවංකව සේවය කළා යැයි මට සතුටින් ගෙදර යා හැකියි.