2024 මැයි 03, පෙ.ව. 10:30
හිටපු අමාත්‍ය, හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සමඟි ජන බලවේගයට එක් වු බව හැඟවෙන පුවත් පසුගිය දා පළ වී තිබුණා.
මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතා පවසන්නේ, තමා සමගි ජන බලවේගයට එක්වූ බවට පළ වන වාර්තාවල සත්‍යතාවක් නොමැති බවයි.
තලවකැලේ ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කර තිබු මැයි දින රැලියට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ද පසුගියදා (01) එක්වී තිබුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු එම උත්සවයේදී අර්ජුන රණතුංග මහතා වෙත උණුසුම් පිළිගැනීමක් ලැබෙන අයුරුද දැක ගත හැකි වුණා.
කෙසේවෙතත්, අර්ජුන රණතුංග මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතාගේ ආරාධනයකට අනුව තමා මෙම රැලියට සහභාගී වූ බවයි.
නමුත් එය තමා සමගි ජන බලවේගයට එක්වීමක් නොවන බව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
2025 ජනවාරි 08, ප.ව. 1:48
2024 දෙසැම්බර් 31, ප.ව. 5:11
24-01-25
24-01-25
28-04-24
28-04-24
10-04-24
10-04-24
07-03-24
07-03-24
06-03-24
06-03-24
25-02-24
25-02-24
10-12-23
10-12-23
02-12-23
02-12-23
01-12-23
01-12-23
28-11-23
28-11-23
27-11-23
27-11-23
23-11-23
23-11-23