hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 21, පෙ.ව. 9:37



නව ජනාධිපතිවරයා පත් වීමත් සමඟ දේශපාලන කරළියේ ඊලඟ කතාබහ ඇතිවී තිබෙන්නේ නව අගැමැතිවරයා සහ නව ආණ්ඩුව පිළිබඳවයි.

08 වන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත් කර ගැනීමේදී තිරය පිටුපස සිට විශාල කාර්යභාරයක් සිදුකළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද මේ වන විට වාර්තා පළවනවා.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ද ඒ අතර ඉදිරියෙන්ම සිටිනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වූයේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයුමක ප්‍රතිඵලයක් අනුව බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා.

ඒ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව කොළඹදී ඊයේ (20) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

රනිල් වික්‍රමසිංහට සහය පළ කළ මන්ත්‍රීවරුන් පිටුපස බැසිල් රාජපක්ෂ සිටින බවත් රනිල් වික්‍රමසිංහ යනු බැසිල් රාජපක්ෂගේ අවතාරයක් බවත් ඔහු අවධාරණය කළා.

පාර්ලිමේන්තුව තුළ ජනතා මතය නියෝජනය නොවන බවත් එහි බැසිල් රාජපක්ෂගේ මතය පමණක් නියෝජනය වන බවත් ස්ටාලින් මහතා සඳහන් කළා.

ජනතාව ඉල්ලා සිටි වෙනස පාර්ලිමේන්තුව තුළින් ඉටුනොවීම මත වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව රනිල් වික්‍රමසිංහගේ පත්වීමට විරුද්ධ බවයි හෙතෙම ප්‍රකාශ කළේ.

ජනතාව සමග එක්ව රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති පත්වීමට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සූදානම් බව ද ස්ටාලින් මහතා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: