hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 08, ප.ව. 6:27



ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානම් වන බව වාර්තා වනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර බැසිල් රාජපක්ෂ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු අසුන සඳහා ධම්මික පෙරේරා යෝජනා කිරීමට නියමිතයි.

ධම්මික පෙරේරා මහතා ඊයේ (07) පස්වරුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ද ලබා ගත් බවද වාර්තා වනවා.

පසුගිය රූපවාහිනී නාලිකාවක වැඩසටහනට එක්වෙමින් ධම්මික පෙරේරා මහතා කියා සිටියේ රටේ ආර්ථික තත්ත්වය ගොඩ නැංවීම සඳහා තමන්ට සාධනීය වැඩ කොටසක් ඉටු කළ හැකි බව යි.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත හෙට (09) හෝ අනිද්දා (10) යවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ දී හෙට පෙරවරු 11 ට විශේෂ මාධ්‍ය හමුවකට ද එක්වීමට නියමිතයි.

බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රී ධුරයෙන් ඉවත්වුවද ඔහු දේශපාලන කටයුතුවල දිගටම නිරත වනු ඇතැයි වාර්තා වනවා.

බැසිල් රාජපක්ෂ මහතා සිය පක්ෂයේ සමීපතම පිරිසක් සමග ඊයේ (07) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර, මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු එහිදී ද ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: