hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 10, ප.ව. 4:45



තෙල් අර්බුදයකට මුහුණ දී සිටින මෙරටට තෙල් ගෙන එන නැව් වලිනුත් කොමිස් ගන්නා කතාවක් හෙළිදරව් වී තිබෙනවා.

එහි විශේෂත්වය ඒ බැව් හෙළිදරව් වූයේ ඉකුත් 4 වැනිදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී.

තෙල් වලින් කොමිස්

එම හෙළිදරව්ව කොට තිබෙන්නේ ඒ අවස්ථාවේ මුදල් ඇමතිවරයාව සිටි බැසිල් රාජපක්ෂ මහතායි.

අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම මුල් කොටගෙන පැවති එම රැස්වීමේදී තෙල් අර්බුදය ගැනත් මත පළවී තිබෙනවා.

මහින්දානන්ද අලුත්ගමගේ මුහුදේ තිබෙන නැව් සල්ලි දීලා අරගෙන යැයි ප්‍රකාශ කිරීමත් සමඟ බැසිල් රාජපක්ෂ මහතා ඊට මැදිහත් වී තිබෙනවා.

වචන හුවමාරුව

එහිදී එය දෙදෙනා අතර වචන හුවමාරුවක් දක්වා වර්ධනය වී ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා එක් එක් අයට තෙල් වලින් කොමිස් යන බවත් එය නතර කිරීම සඳහා එම නැව් වලට මුදල් දුන්නෙ නැති බව එහිදී රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට තිබෙනවා.

කවුරුහරි කොමිස් ගන්නවනම් හෙළි කරන්න යයි ඊට ප්‍රතිචාර ලෙස අලුත්ගමගේ මහතා සඳහන් කර ඇති අතර ඒ අවස්ථාවේ බැසිල් රාජපක්ෂ මහතා එසේ කොමිස් ගන්නා අය හෙළිදරව් කර තිබෙන්නේ නම් ගම් නැතිවයි.

ඔහු සඳහන් කර තිබෙන්නේ හිටපු ඇමතිවරයා හා සභාපතිවරයා එසේ කොමිස් ගන්නා බවයි.

එහිදී හිටපු ඇමතිවරයා යනුවෙන් සඳහන් කර තිබෙන්නේ උදය ගම්මන්පිල මහතාද එසේත් නැතිනම් ඔහුට පසුව සිටි ගාමිණී ලොකුගේ මහතාද යන්න බැසිල් රාජපක්ෂ මහතා පැහැදිලි කර දී නැහැ.