hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 10, පෙ.ව. 3:35



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අග්‍රාමාත්‍යවරයෙකු ලෙස පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිරන්තරයෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

69 ලක්ෂයක් ඡන්දය ගත් පුද්ගලයා බලය අරගෙන දෙලක්ෂ පනස් තුන්දාහක් ගත් පුද්ගලයාට බලය ලබාදීම ජනවරමට පටහැනි බවත් පාර්ලිමේන්තුවට බලය ලබාදීමට තමන් කැමැති බවත් රාජපක්ෂ මහතා සඳහන් කළා.

වත්මන් අගමැතිවරයා පාර්ලිමේන්තුවෙන් පත් කළ අගමැතිවරයෙකු නොවන බවත් ඔහු පත් කළේ තම පක්ෂයෙන් ජනාධිපතිවරයා නම් කළ අයෙකු ලෙස බවත් ඔහු කියා සිටියා.

පොහොට්ටුවට හිමි තැන ලබා දිය යුතු බවට මතයේ තවමත් සිටින බවත් අගමැතිකම, කැබිනට් මණ්ඩලය තම පක්ෂයට හිමි බවත් එය ලබා දිය යුතු බවත් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

එනිසා ඊලඟ මැතිවරණ තෙක් අගමැති ධූරය ලබා දිය යුතු බවත් ජනාධිපතිවරයාට එම යෝජනාව හැමදාම සිහිපත් කරන බවත් ඔහු කියා සිටියා.

ජනතාව දීපු අයිතිය නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දිය යුතු බවත් අගමැතිධූරයට හොඳ දක්ෂ මැති ඇමතිවරු පොහොට්ටුව තුළ සිටින බවත්

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: