hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 30, ප.ව. 12:31



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසෙන් යම් කොටසක් නැවත පක්ෂය සමග එක් කර ගැනීම වෙනුවෙන් පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් මෙහෙයුමක් අරඹා ඇති බව වාර්තා වනවා.

එම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට එම පක්ෂයේ ප්‍රබල නියෝජිතයන් කිහිප දෙනෙකු එක්ව තිබෙනවා.

එම නියෝජිතයින් කවුරුන්ද යන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා විසින් නම් කරනු ලැබ ඇති බව ද වාර්තා වනවා.

එසේ පක්ෂයෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් සමග සාකච්ඡාවට කිහිපයක් ඉදිරි සතියේ ද පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

විශේෂයෙන් මෙම මෙහෙයුම ආරම්භ කර ඇත්තේ ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරන අණ පනත් සම්මත කර ගැනීම් සහ එම පක්ෂයට තවදුරටත් තුනෙන් දෙකක බලයක් තිබෙන බවට සහතික කිරීම වෙනුවෙන්.

කුමන්ත්‍රණකරුවන්ට හසුවූ තම පක්ෂයේ පිරිසක් අනිවාර්යයෙන් ම ඉදිරියේදී පොදුජන පෙරමුණ සමග එක් වන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ.

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී පක්ෂයේ ශක්තිය පෙන්වීම වෙනුවෙන් දැනටමත් උපාය මාර්ග රාශියක් තෝරා ඇති බව ද අනිවාර්යයෙන් එම මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට තම පක්ෂයට හැකි බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.