hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 24, පෙ.ව. 9:15



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය පක්ෂයට සම්බන්ධ හවුල්කාර පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී රටේ උද්ගතවී ඇති වර්තමාන ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී සිදු කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍ය ජී.එල්.පිරිස් මහතා, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිසිර ජයකොඩි මහතා සහ යදාමිණි ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

පක්ෂ දෙක ඉදිරියේදීත් එක්ව කටයුතු කිරීමට එහිදි තීරණය වූ බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: