hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 24, ප.ව. 8:15



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇතැම් පිරිස් ඉවත්ව යාම පක්ෂයට අභියෝගයක් බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ, අද (24) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ මතුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

එහිදී අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා,

“අද තමා ආරම්භ කළේ. මුලින්ම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳගෙන.”

ප්‍රශ්නය – අලියා එක්ක එකතුවෙලා ද ?

“හැමතැනම නෑ. හුඟාක් තැන්වල වෙන වෙනම ඉල්ලන්නේ. අපි පළාත් පාලන ආයතන 252ක ඍජුව පොහොට්ටුව ලකුණින් තරග කරනවා. තව කිහිපයක් තියෙනවා විවිධ ලකුණුවලින්. යාපනය එහෙම වීණාවෙන්. මඩකලපුව බෝට්ටුවෙන්. අශ්වයාගෙන් තරග වදිනවා. තේ දල්ලෙන් තරග වදිනවා. ඔක්කෝම 340ක් තියෙනවා නේ.” 

ප්‍රශ්නය – පොහොට්ටුව ජනප්‍රිය ලකුණක් ජනතාව අතර. ඒත් ජනතාව අතරට යන්න බැරි නිසා ද මෙහෙමෙ කරන්නේ. ?

“ගිය පාර මෙච්චර තරග කළේ නෑ. 2018 දී”

ප්‍රශ්නය – විවිධ උපක්‍රම මැතිවරණය කල්දාන්න යොදනවා කියලා කියනවා ?

“ඒක ආණ්ඩුවෙන් අහන්න… මම ආණ්ඩුවේ නෑ.. හුඟාක් අය නාමයෝජනා කල්යයි කියලත් බලාගෙන හිටියානේ.”

ප්‍රශ්නය – පක්ෂයේ බොහෝ අය ඉවත්වෙලා. ඒක අභියෝගයක් ද?

“එහෙම තමා.. ඉන්නවා යනවා. අයින් වෙනවා. ඇතුළු වෙනවා. එහෙම තමා දේශපාලනය. ඒක අභියෝගයක් තමා. ඒත් ඒවට අපි මුහුණදෙන්න එපැයි.”

ප්‍රශ්නය – මැතිවරණ ප්‍රතිඵලය කොහොම වෙයි ද?

“ජනතාව අතේ තියෙන්නේ…”