hit counter

2024 ඔක්‍තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 9:45



ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (20) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

බැසිල් රාජපක්ෂ මහතා අද (20) අලුයම 03.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි නුවර වෙත පිටත්ව ගොස් තිබේ.

මෙම ගුවන් යානය වෙත පිවිසීම සදහා ඔහු ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවා කටුනායක ගුවන් තොටුපොළ තුළ පිහිටි ” රන් මාවත ” ( Gold Route ) පර්යන්තයේ පහසුකම ද ලබා ගෙන තිබුණි.

මෙම පහසුකම යටතේ ගුවන් තොටුපොළ සියලුම නිශ්කාශන කටයුතු , එනම් රේගු , ආගමන විගමන ආදී නිලධාරීන් එම පර්යන්තය වෙත පැමිණ සිදු කරති.

බැසිල් රාජපක්ෂ මහතා ඩුබායි නුවර වෙත ගොස් එතැන් සිට ඇමෙරිකාව බලා පිටත්ව යෑම සිදු කරනු ඇතැයි ද , ඔහු කවදත් ඇමෙරිකාව බලා පිටත්ව යාම සදහා මෙම ගුවන් ගමන් මාර්ගය යොදා ගන්නා බවත්  කටුනායක ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය.

Example Image