hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූනි 09, ප.ව. 12:22



මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දුන් බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (09) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සුදුසු පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීම සඳහා අවස්ථාව සැලසීම සිය ඉල්ලා අස්වීමේ අරමුණ බව ඔහු පැවසුවා.

ඒ අනුව, අද සිට තමා සම්පූර්ණයෙන් ම රාජ්‍ය පාලන කටයුතුවලින් ඉවත් වන බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, දේශපාලනය කිරීම නතර නොකරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

“අද ඉඳලා බොහෝ දුරට මම මුල ඉඳලා ම විශ්වාස කරපු දෙයක් තමා රාජ්‍ය පාලනයත් දේශපාලනයත් කියන්නේ දෙකක් කියලා. ඒකේ සම්පූර්ණයෙන් ම රාජ්‍ය පාලනයෙන් බැහැර වීම තමා අද තීන්දුවේ ප්‍රධාන ම ඉලක්කය. ඒ අනුව අද ඉඳලා රාජ්‍ය පාලනයේ කිසිදු කටයුත්තකට මම සම්බන්ධ වෙන්නේ නැති බව දැනුම් දෙනවා. හැබැයි දේශපාලනය කිරීම නතර කරන්නේ නෑ. මොකද මාත් එක්ක හිටිය සියලු දෙනා වෙනුවෙන් ඒ දේ ඉදිරියටත් කරනවා අවශ්‍යතාවක් තියෙනවා නම්.”