hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 05, පෙ.ව. 1:32



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාට දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා.

එම දුරකතන ඇමතුම ලබා දී තිබෙන්නේ උදය ගම්මන්පිල මහතා මාධ්‍යටට දක්වන අදහසකට ප්‍රතිචාර දැක්වීමටයි.

තවමත් ආණ්ඩුවේ බලය තිබෙන්නේ අවලස්සන ඇමරිකානුවාට බවට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන්නේ පොහොට්ටුවට බවත් බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොහොට්ටු නායකයා බැවින් ඔහු තවමත් පොහොට්ටුව මෙහෙයවන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: