hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 08, ප.ව. 8:46



රාජ්‍ය ආයතන 4ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් පත් කර තිබෙන බව අප මීට පෙර වාර්තා කළා.

එලෙස පත් කළ එක් පොහොට්ටු මන්ත්‍රීවරයෙකු ඉවත් කර වෙනත් මන්ත්‍රීවරයෙකු පත් කරන ලෙස ප්‍රබල නායකයෙකු බලපෑම් කර ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ධුරයට පත් කළ ක‍්‍රිෂාලි මුතුකුමාර වහාම ඉවත්කර ඒ වෙනුවට අරුණ ගුණරත්න පත්කර තිබෙනවා.

මේ සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මැදිහත් වී ඇති බවත් පත් කර ඇති නව සභාපතිවරයා රාජපක්ෂ පවුලේ ළඟම ඥාතියෙකු වන බවත් වාර්තා වනවා.

මීට පෙර හිටපු සභාපතිව ක‍්‍රිෂාලි මුතුකුමාරණ සභාපති ධුරයට පත් කිරීම සඳහා නිර්දේශ කර ඇත්තේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් වන අතර ඒ සඳහා අමාත්‍ය කංචන විජේසේකරගේ මහතාගේද සහාය හිමි වී තිබෙනව බවයි වාර්තා වන්නේ.

මේ අතර වාර්තා වන්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම හා කංචන විජේසේකර මහතාගේ නිර්දේශ මත දකුණු පළාත් සභාවේ තනතුරු වලට පත් කර ඇති සියලු දෙනා වහා ඉවත් කරන්නැයි බැසිල් රාජපක්ෂ මහතා විසින් දැනුම් දීමක් කර ඇති බවයි.

දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි ආරියවංශ සම්මු, කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි එස්.පි ආනන්ද, දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි අරුණ ගුණරත්න, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් සභා චම්ලි විතානාච්චි යන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරු සිව් දෙනෙක් මෙලෙස අදාල සභාපති තනතුරුවලට පත් කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: