hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2023 ඔක්‍තෝබර් 23, පෙ.ව. 10:31



අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස්කර තිබෙනවා.

ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළා.

මීට පෙර මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත් වැඩකටයුතු සිදු කළා.