hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 පෙබරවාරි 22, ප.ව. 6:47



මාලිමාකාරයෝ රට බාරගත්තොත් පොර්ට් සිටියටත් බුද්ධං සරණං ගච්ඡාමි බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය මහතා පැවසුවා.

ඒ අද (22) පාර්ලිමේන්තුවේදී.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

“නෙළුම් කුළුණ හදනකොට, මත්තල ක්‍රීඩා පිටිය හදනකොට මහින්ද මහත්තයා හැබැයි අපේ මිත්‍රයා තමයි ඒ කාලේ පිටිපස්සෙන්ම ඉඳන් මහින්ද මහත්තයාගේ හොඳම බණ්ඩාරගම ගෝලයා. මහින්ද මහත්තයා වැරදි පාරේ යනකොටත් ගිය සැරේ හරි පාරට ගෙනාවෙත් ඕගොල්ලෝ තමයි. ඒ කාලේ හොඳටම වැඩේ කරනවා කියලා කිව්වෙත් ඕගොල්ලෝ තමයි. හැබැයි දැන් ඒ ගැන ආර්ථිකය වෙනස් වෙනකොට මහින්ද මහත්තයට වැරදෙන කොට එහෙම කියන්න එපා. හතළිස් පන්දාහක් හම්බුනා බණ්ඩාරගමින්. මහින්ද මහත්තයාගේ ෆොටෝ එකට. ඉතින් ඒ නිසා අපි දන්නවා ඉතින් ඒ නිසා මේ ඒ ඒවා අමතක නොකර පහුගිය දේවල් අමතක නොකර අපි යන් ගමන. ඒ නිසා මේ මේ වෙලාවේදී කියන්න ඕන මේ ව්‍යාපෘතිය දෙදාස් පහළවේ අ නැවැත්තුවේ නැතුව දිගටම ගිහිල්ලා තිබ්බා නං අද ඩොලර් ලංකාවට එනවා. මේ වැඩේ ඉවරයි. හැබැයි දෙදාස් පහළවේ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා අපේ බණ්ඩාර මිත්‍යාවට මතක ඇති නැවැත්තුවා.

නවත්තලා අවුරුදු දෙක තුනකට පස්සේ තමයි නැවත මේක පටන් ගත්තේ. එහෙම නැතුව දිගටම මේ ව් යාපෘතිය ගියානම් අද වෙනකොට මේකේ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඉතින් මග නැවතිලා නැවත තමයි පටන් ගත්තේ. දෙදාස් විසි එකේ තමයි මේක පනතක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ සම්මත කරේ. එතකොට ඔය බණ්ඩාරගම අපේ මිත්‍රයලා අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ පොර්ට්සිටි ව්‍යාපාර ව්‍යාපෘතිය වෙනුවෙන් නැවත හයිය දුන්නේ ඒ නිසා අපි තව අවුරුදු දෙක තුනකින්වත් බලමු.

මේ පොර්ට්සිටි ව්‍යාපෘතියේ ප්‍රතිඵල ගන්ඩ. හැබැයි මේ ව්‍යාපෘතියේ ප්‍රතිඵල ගන්න වෙන්නෙත් නෑ. අර ඔබතුමා කියපු මාලිමාකාරයෝ ටික ඇවිල්ලා ආයේ රට බාර ගත්තොත් ඈ. එහෙනම් ව්‍යාපෘතියටත් බුද්ධං සරණං ගච්ඡාමි දෙයියන්ගෙම පිහිටයි. ඒ අයියලා ටික ඇවිල්ලා වෙනත් විදියේ වැඩක් කරලා මේක විනාශ කරන්න පුළුවන්. ඉතින් මේ දවස් වල මේ පොර්ට්සිටි ගැන අපි කියන්නේ මේක කවුරු රටට වටිනා, රටට වැදගත් අ රටට අවශ් ය අපේ වගේ මේ පුංචි දූපතකට ලස්සන රටකට අවශ්‍ය තැනක්, විදේශිකයෝ, සංචාරකයෝ රටට එන ආයෝජකයෝ එන තැනක්.

ආයෝජකයෝ එන්නෑ කියන්න බෑ. ආයෝජකයෝ දැන් ඇවිල්ලා භාරගෙන තියෙනවා. ඉස්සරහට තව ආයෝජකයෝ එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ රටක ඉරිසියා කරන්න එපා, රටක් ගැන රට හැදෙන රටට මොකද මං සංචාරක ව්‍යාපාරයේ ඉන්න සංචාරක ප්‍රදේශයක ජීවත් වෙන කෙනෙක්. රනිල් වික් රමසිංහ ජනාධිපතිතුමා රට බාර ගන්නකොට අන්තිම සුද්දත් ගියා. අන්තිම සුද්දත් මේ රටෙන් ගිහිල්ලා හිටියේ. දැන් ඇල්ලේ ටවුමේ පෙරේදා ඉස්සරින් දවසේ මං ඇල්ලේ ටවුමේ හිටියේ. සංචාරකයෝ දාහකට වැඩිය ඇල්ල නගරයේ සැරිසරනවා. ඒක සතුටක්. ඇල්ලේ දාහක්, දෙදාහක් ඉන්නවා කියන්නේ රටේ ලක්ෂයක් එකහමාරක් සංචාරකයෝ බැහැලා ඉන්නවා. ඒ පහුගිය කාලේ මාස හයකට කලින් මේ රටේ තෙල් ප්‍රශ්නේ, උද්ඝෝෂණ, ගිනි තැබීම්, පාරවල් කිරීම් නිසා සුද්දෝ විශාල පිරිසක් සංචාරකයෝ රටින් බැහැර වුණා.”