hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 06, ප.ව. 4:35



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනයකට අනුව ඊයේ(05) පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු පක්ෂවල නායකයින්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාව පැවැත්වුණා.

රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීම සඳහා සියලු පක්ෂ එක්වී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවියයුතු බවට එම සාකච්ඡාවේදී යෝජනාවක් ඉදිරිපත් කර තිබුණා.

එම සාකච්ඡාවට දේශපාලන පක්ෂවල නියෝජිතයින් 39 දෙනෙකුට ආරාධනා කර ඇති අතර 37 දෙනෙකු පැමිණ සිටි බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙන්ම එම පක්ෂයේ සිට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එම සාකච්ඡාවට සහභාගී තිබුණා.

එම සාකච්ඡාවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී නොවූ බව අප මීට පෙර වාර්තා කර තිබුණා.

චම්පිකත් ආවා

ඒ පිළිබඳ අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළේ සමඟි ජනබලවේගයෙන් ස්වාධීන වූ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාද එම සාකච්ඡාවට පැමිණ සිටි බවයි.

චම්පික මන්ත්‍රීවරයා අද පැවැති සාකච්ඡාවටද සහභාගී වූ සේනාරත්න මන්ත්‍රීවරයා කියා සිටියා.

ඊයේ පැවැති සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අමතරව රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පී. දිගම්බරම්, ඩිලාන් පෙරේරා, ආචාර්ය චරිත හේරත්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, මොහොමඩ් මුසම්මිල්, ගෙවිඳු කුමාරතුංග, පූජ්‍ය අතුරලියේ රතන හිමි, අනුර ප්‍රියදර්ශන යාපා, එම්.ඒ. සුමන්තිරන්, සී.වී. විග්නේෂ්වරන් යන මන්ත්‍රීවරුන් සහභාගි වී තිබෙනවා.

බහුතරයත් හරි

ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර මූලික එකඟතාවක් ඇති වී තිබෙනවා.

වසරක් හෝ වසර එක හමාරක කාලයක් එම සර්ව පාක්ෂික ආණ්ඩුව යටතේ ක්‍රියාකර ඉන්පසු මැතිවරණයකට යාමට ද එහිදී යෝජනා වී තිබෙනවා.

එවැනි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා 120ත් 140ත් අතර මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ලබා ගැනීමට හැකි වනු ඇති බවට ඔවුන්ගේ අදහස වී ඇත්තේ. 

අධ්‍යාපන, සෞඛ්‍ය, බලශක්ති, ප්‍රවාහන, කෘෂිකර්ම යන ක්ෂේත්‍ර 05 සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙල කුමක්ද යන්න සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: