hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 07, පෙ.ව. 8:57



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි ජාතික හෙළ උරුමයේ ආරංචි මාර්ග පැවසුවා.

ඊයේ (06) රාත්‍රී සමගි ජනබලවේගයේ ප්‍රබලයින් පිරිසක් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කර ඇතැයිද වාර්තා වනවා.

එම සාකච්ඡාවේදී ගත් තීරණ පිළිබඳ ඒෂියන් මිරර් වෙත වාර්තා නොවූ අතර අද(07) දින පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටද නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ආණ්ඩුව එක්ව ඇමැති ධුර භාර ගැනීමට අදහස් කර නැති බවත් ස්වාධීනව සිටිමින් බලශක්ති අර්බුදය විසඳීමට ලබන සතියේ රජයට යෝජනා ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් වාර්තා වනවා.

එමෙන්ම බැංකු, ප්‍රවාහනය, ගෑස්, කෘෂිකර්මය, සෞඛ්‍ය හා ඖෂධ ආදී ක්ෂේත්‍රයන්ගේ පැනනැගී ඇති අර්බුද විසඳීමට රජයට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට රණවක මහතා බලාපොරොත්තු වන බව එම ආරංචි මාර්ග පැවසුවා.

රටේ මේ මොහොතේ පවතින්නේ අසාමාන්‍ය තත්ත්වයක් බැවින් එම ගැටලු විසඳීමට ද අසාමාන්‍ය යෝජනා ගෙන ඒමට පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අදහස් කර තිබෙනවා.

මේවන විට පාඨලී චම්පික රණවක මහතා සමගි ජනබලවේගයේ සාමාජිකයෙකු නොවන අතර සමගි ජන බලවේග සන්ධානයේ පමණක් කටයුතු කරනු ලබනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: