hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 24, ප.ව. 2:15



වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෙන්ම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරමින් පවතින බවත් ඔවුන් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බවත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවා.

ඒ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

එහිදී ඇය මෙසේ ද අදහස් දක්වා සිටියා,

” මේ කරන්නේ මේ පක්ෂය රාජපක්ෂලාට උගස් කරන්න. රාජපක්ෂලාට උවමනාව තිබුණා නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා රාජපක්ෂ නිදහස් පක්ෂයක් හදාගන්න. ඒක හරි ගියේ නෑ. පොහොට්ටුවේ ඉන්න සියයට 95ක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. දැන් ඒ අයට තේරෙනවා පොහොට්ටුව පක්ෂයෙන් දිනන්න අමාරුයි. ඒ අයට පක්ෂයක් අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ අයට ලේසිම සිරිසේන ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මේ අය පක්ෂයට ආදරය කරන නිදහස් පක්ෂයේ ඔක්කොම පන්නලා මේ පක්ෂය රාජපක්ෂලාට වෙන්දේසි කරන්න හදනවා. සාමාජිකත්වය තිබුණත් නැතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති, නිර්මල වැඩ ඉදිරියට ගෙනි යන්න උදව් කරන ඕනම කෙනෙක්ට මම උදව් කරනවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: