hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 23, පෙ.ව. 10:10



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග තව කෙටි කලකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් වනු ඇති බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ සිටිය දී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නිවැරැදි නායකත්වයක් නොදුන් බවයි ඔහු කියන්නේ.

“බණ්ඩාරනායක මැතිණිය චන්ද්‍රිකා නෝනා ඔය පක්ෂයේ නායකයා හැටියට වැඩිකල් යන්න ඉස්සෙල්ලා ඉඳ ගන්නවා. මෛත්‍රීපාල මහත්තයා ජනාධිපතිකමේ ඉන්දැද්දීත් ඒක හරියට කළේ නැහැනේ” යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂයේ සාමාජිකයන් අටදෙනෙක් පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: