hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 24, පෙ.ව. 10:10



උතුරු පළාතේ ජනතාවගේ ගැටලුවලට යථාර්ථවාදීව ප්‍රවේශ වී ඒවාට විසඳුම් සෙවීමට උත්සාහ කරන බව නව තනතුරේ වැඩ භාර ගනිමින් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එම්.එස්. චාර්ල්ස් මහත්මිය පෙරේදා (22) ප්‍රකාශ කළා.

දෙවැනි වරටත් තමන්ව ආණ්ඩුකාර ධුරයට පත් කළ ජනාධිපතිවරයා අපේක්ෂා කරන්නේ, උතුරු පළාතේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමත් ඒ සඳහා දෙමළ ඩයස්පෝරාවේ සහාය ලබා ගැනීමත් බව කී ආණ්ඩුකාරවරිය මේ සියලු කටයුතු සඳහාත් උතුරේ සියලු සංවර්ධන කටයුතු සඳහාත් ජනාධිපතිවරයා උදවු උපකාර කරන බවට පොරොන්දු වූ බවද සඳහන් කළා.

මේ රටේ සියලුම ආගම්වලට එක හා සමානව සැලකීමේ වගකීම හා කාර්ය රදා පවතින්නේ රජය මත බවත් ඒ සඳහා රජය බැඳී සිටින නිසා උතුරේ කිසිදු කොට්ඨාසයක් ආගමික හෝ ජාතිවාදී ප්‍රශ්න මුල් කරගෙන කටයුතු නොකළ යුතු බවද ඇය මෙහිදී කියා සිටියා.

උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී නව ආණ්ඩුකාරවරිය වැඩ භාරගත් අවස්ථාවට උතුරේ සියලුම ආගම්වලට අයත් ආගමික නායකයෝද පරිපාලන නිලධාරීහු රැසක්ද සහභාගි වූවා.