hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 12, පෙ.ව. 2:51



බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කළ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා මෙම මස 21 වන දා කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය බව වාර්තා වනවා.

ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කර ඇති බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මැතිවරණ කොමිෂන් සභාව ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 9 වන බ්‍රහස්පතින්දා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් නව අමාත්‍යංශ දෙකක් ප්‍රකාශයට පත් කළ අතර ඉන් එක් අමාත්‍යංශයක් වන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය භාර ඇමතිවරයා ලෙස ධම්මික පෙරේරා මහතා දිවුරුම් දීමට නියමිතව ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

අනෙක් නව අමාත්‍යංශය වන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබාදීමට යන බව ද එම ආරංචි කියා සිටියා.

මේ අතර, ධම්මික පෙරේරා මහතා තමන් තනතුරු දැරූ සියලු ම ව්‍යාපාරවල එම තනතුරුවලින් ඉවත් වී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: