hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ජූනි 05, පෙ.ව. 9:53



කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට ඉඩ නොදෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පසුගිය දා ප්‍රකාශ කර තිබෙනවා.

කැබිනට් අමාත්‍යවරුන්ගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්ගේ විශේෂ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පසුගියදා පැවැත්වුණා.

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය එම සාකච්ඡාවේදී මේ බව සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට කැබිනට් අමාත්‍යවරුන් එම අමාත්‍යාංශ වල විෂයන් බෙදා දී නොමැති බවද ඇය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

තමාට පමණක් නොව ආණ්ඩුවේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන් බහුතරයකට මේ ඉරණමට මුහුණදීමට සිදුව ඇතැයි ද ඇය පවසා ඇතැයි වාර්තා වනවා.

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය එම ප්‍රකාශය කරද්දී සංචාරක විෂය භාර කැබිනට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද එම සාකච්ඡාවේ සිට ඇතැයි වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: