hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 17, පෙ.ව. 11:24



සන්ධානය කඩාකප්පල් වී ඇති බවට එක එක නායිකාවන් කියන චෝදනා වලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, දයාසිරි ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නා.

ඒ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ ද සඳහන් කර සිටියා,

“සන්ධානය කඩාකප්පල් වෙලා, සන්ධානය ඉවරයි. සන්ධානය තටු කැඩිලායි කියලා එක එක නායිකාවෝ මම දැක්කා ඊයෙත් කියනවා. ඒ අයට කියන්න තියෙන්නේ, ඒ අයට වුවමනා කරලා තියෙනවා, අර කියපු බලවේගවල විශේෂයෙන්ම මේ සන්ධානය කඩාකප්පල් කරලා අලි – පොහොට්ටු ආණ්ඩුව තවදුරටත් ඉස්සරහට ගෙනියන්න, ඒකට ජැක් ගහන්න ඕන කට්ටිය තමයි ඒ අවශ්‍ය කරන කටයුතු ටික කරන්නේ.

ඒ නිසා සන්ධානය ඒ අපි ක් රියාත්මක කරනවා. මේ සන්ධානය ඉදිරියට යනවා. අපි දිස්ත්‍රික්ක ගණනාවක අපි අත ලකුණ යටතේත් ඉල්ලනවා. ඒ වගේම හෙලිකොප්ටරේ යටතෙත් අපි ඉල්ලනවා. විශේෂයෙන්ම නිදහස් ජනතා සන්ධානය විදිහට. ඒ නිසා කිසිම ගැටළුවක් මේකේ ඇති වෙලා නැහැ. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ. අපි ඔබ දන්නවා මේ සන්ධානය හදපු වෙලාවේ ඉඳලා විශාල ජනතා බලවේගයක් මේ වටා එකතු වෙන්න පටන් ගත්තා. ග්‍රාමීය මට්ටමේ විශාල ඉල්ලීම් සංඛ්‍යාවක් එන්න පටන් ගත්තා. ඇත්ත වශයෙන් අපේ සංවිධායකවරුන්ටත් නිදහස් ජනතා සන්ධානයේ නායකයින්ටත් විශාල ආරවුලක් ඇති වෙලා තිබුණා මේ එන පිරිස් කොහොමද අපි මේ ලැයිස්තුවලට ඇතුලත් කර ගන්නේ කියලා.

සමහර ආසනවල විසි දෙන්නෙක් හොයාගන්න තියෙන්නේ. විසි දෙන්නා නෙමෙයි හතලිහ, පනහ ආපුවාම අපිට මේක දරාගන්න බැරි තැනකට පත්වෙලා තිබුණා. ඒ නිසා තමයි විශේෂයෙන්ම සමහර තැන්වල ඒ ඉඩකඩ මදි වීමේ ප්‍රශ්නය අපි හැමදාම කතා කරන ප්‍රශ්නය ඇතිවෙලා තිබෙනවා. ඒ නිසා එයට විසඳුමක් විදියට තමයි අපි ඒ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියන්නේ. ඒ නිසා ඒකෙන් කිසිඳු ආකාරයේ ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ අපේ සන්ධානය තුල. ඒ වගේම විශේෂයෙන් මතක් කළ යුතු කාරණය තමයි අපි හදන ඒ සභාවල අඩුපාඩු තිබුණොත්, නැත්නම් අපේ අනිවාර්යෙන් සෑම සභාවක්ම හදනකොට නිදහස් ජනතා සන්ධානයත් අත ලකුණ යටතේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මේ දෙගොල්ලොම එකමුතු වෙලා අපි එකට සභාව පිහිටුවන වැඩපිළිවෙලකටත් අපි යනවා අනිවාර්යෙන්. මොකද අපි සියලු දෙනාම සහෝදර දේශපාලන පක්ෂ එකම සන්ධානයේ ක්‍රියාකරන ක්‍රියාකරුවන්. ඒ නිසා කිසිඳු ආකාරයේ ගැටලුවක් නෑ. අපි සමහර ප්‍රදේශවල ඇප මුදල් තැන්පත් කරලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට.”