hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 10, ප.ව. 1:18



මහා සංඝරත්නයට අපහාස කිරීම සම්බන්ධයෙන් විග්නේශ්වරන් මන්ත්‍රිවරයා සමාව ගත යුතු බව. ශ්‍රී ලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය පාවිච්චි කරමින් මේ වන විට ඇතැම් දේශපාලනඥයන් නාඩගම් නටන්නට පටන් ගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කළා.

මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී ඊයේ (09) පැවැති පාක්ෂික හමුවකදී ජයසේකර මහතා මේ බව ප්‍රකාශ කළා.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්ව රට බෙදන වැඩපිළිවෙළට මේ රටේ ජාතිවාදය හා ආගම්වාදය අවුස්සලා සහයෝගය දෙන්න උත්සාහ නොකරන ලෙස විග්නේෂ්වරන් මහතාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළා.

හින්දු හෝ කතෝලික පූජකතුමන්ට අපහාස කරමින් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය කිසිදු අවස්ථාවක දේශපාලනය නොකරන බවත් මහා සංඝරත්නයට අපහාස කරමින් විග්නේෂ්වරන් මන්ත්‍රිවරයා කළ ප්‍රකාශය හෙළා දැකිය යුතු බවත් හෙතෙම පැවැසුවා.

දේශපාලන කරළියේ විවිධ කරණම් ගසා දිශානතිය වෙනස් කරන්නෙක් වශයෙන් ප්‍රසිද්ධ වත්මන් ජනපති ඡන්දය නැවැත්වීම සඳහා ගෙන එන ලද තවත් නාඩගමක් වශයෙන් මේ අවස්ථාවේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හැඳින්විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.