hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 12, පෙ.ව. 5:30



මැතිවරණ නිතිය අනුව එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකි  මුදල සීමා කර ඇති බැවින් එම නීතියට හසුනොවී සූක්ෂම ලෙස ප්‍රචාරක කටයුතු සිදුකරන නව ක්‍රමවේදයක් පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන අපේක්ෂකයින් දැනුවත් කිරීම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සීගිරියේ දී සඳහන් කළා.

ඒ අනුව එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැක්කේ සීමිත මුදලක් නිසාවෙන් ඉතා සූක්ෂම ලෙස තම පවුලේ මිය ගිය ඥාතීන් වෙනුවෙන් නිවසේ ධර්ම දේශනා පවත්වා ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහා හාර පන්සීයක් නිවසට කැඳවා ගැනීමට හැකි බවත් ධර්ම දේශනය සඳහා පැමිණෙන භික්ෂූන් වහන්සේ හරහා මියගිය අය සඳහා පින් අනුමෝදන් කරන අතරතුර   අපේක්ෂකත්වය දරන තමන් ගැන ගුණ වර්ණනාවක් කර ගන්නා ලෙස අපේක්ෂකයන්ට දයාසිරි ජයසේකර   මහලේකම්වරයා දැනුම් දුන්නා.

මෙන්ම කිසිදු අයකු තම නිවසෙහි ඡන්දායකයන්ට ආහාරපාන ලබාදීම සිදු නොකළ යුතු බවත් තමන්ගේ ඥාතීන් හිතවතුන් මිතුරන් හරහා ඔවුන්ට මුදල් ලබාදී එම නිවෙස්වල ආහාර වේලක් සූදානම් කොට තමන්ද එම නිවසට ගොස් ආහාර ගෙන එහි පැමිණි ජනතාව සමග කතා කොට මැතිවරණ ප්‍රචාරණය සිදු කිරීමට හැකි බවද එම මුදල වියදම් කරන්නේ තමන් නොවන නිසා ප්‍රශ්නයක් ඇති නොවන බව සඳහන් කළා.

කෙසේ වෙතත් වෙනත් පක්ෂයක කණ්ඩායමක අයෙකු මැතිවරණ නීතියට පටහැනිව වියදම් කරන්නේ නම් වහාම පෙත්සමක් මගින් මැතිවරණ කොමිසන් සභාව දැනුවත් කිරීමට තමන්ට හැකියාව තිබෙන බවද අනුව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිබව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂක අපේක්ෂිකාවන් අමතමින් හෙතෙම සඳහන් කළා.

මෙවර එක අපේක්ෂකයෙකුට එක ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කළ හැක්කේ රුපියල් විස්සක මුදලක් බවත් වෙනදාමෙන් ණය වී අති විශාල මුදලක් වියදම් කිරීම අනවශ්‍ය බව ද පෙන්වා දෙමින් වැඩිදුරටත් හෙතෙම කියා සිටියේ වියදම් කරන සෑම මුදලක්ම අය වැය වාර්තාවක් සකසා  මැතිවරණයෙන් පසුව ජයග්‍රහණය ලැබූ නොලැබූ  සියලු දෙනාම මැතිවරණ කොමිෂන් සභාවට ලබාදිය යුතු බවයි.