hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අප්‍රේල් 28, ප.ව. 9:19



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැලිය මහනුවර පොදු වෙළෙඳපොළ ඉදිරිපිට දී පැවැත්වීමට සූදානම් කර ඇති අතර ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පොල ආසන සංවිධායක ඩී.එන්.නුගවෙල මහතා විසින් මෙම දැන්වීම් පත්‍රය පක්ෂයේ සභාපති මහලේකම් සහ ජාතික සංවිධායකවරයාගේ ඡායාරූප ඇතුළත් කරමින් සකස් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම දැන්වීමට දුමින්ද දිසානායක මහතාගේ ඡායාරූපය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පොල ආසන සංවිධායකවරයා වෙත දයාසිරි ජයසේකර මහතා පරුෂ වචනයෙන් බැන වැදුණු හඩපටයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පොල ආසන සංවිධායක ඩී.එන්.නුගවෙල මහතා ද දයාසිරි ජයසේකර මහතාට බැන වදින ආකාරයද දැක ගන්නට තිබෙනවා.