hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 30, ප.ව. 3:26



බණ්ඩාරණායක ගුණ සමරුව ස්ථාන දෙකක සැමරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වර්ෂ අවසානයේ පවත්වන පිරිත් පිංකමද ස්ථාන දෙකක පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස විසින් පක්ෂයේ වාර්ෂික පිරිත් පිංකම කැලණිය රජමහා විහාරස්ථානයේදී ඊයේ පැවැත්වීමටයි කටයුතු කරනු ලැබුවේ.

මීට පෙර වසරවලදී එය කතරගම පුදබිමේ පැවැත්වුණා.

කෙසේ වෙතත්, අමාත්‍ය ධුර ලබාගත් පක්ෂයේ අනෙක් කණ්ඩායම නියෝජනය කරන පිරිස කතරගම පුදබිමේදී වාර්ෂික පිරිත් පිංකම පැවැත්වීමටයි කටයුතු සංවිධාන කර ඇත්තේ.

කැලණිය රජමහා විහාරස්ථානයේ ඊයේ පැවති පිරිත් පිංකමට එක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ කිසියම් පිරිසක් විසින් නිදහස් පක්ෂයේ පිරිත් පිංකම තබන ස්ථානය ආක්‍රමණය කර ඇති බවයි.

මේ අතර, කොළඹදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කියා සිටියේ පිංකම පවත්වන ස්ථානය ආක්‍රමණය කළ බව පවසන්නේ නම් එය පිළිගන්නා ලෙසයි.

මාධ්‍ය හමුවට අමාත්‍ය මහින්ද අමරවීර මහතාද එක්වූ අතර ඔහු කියා සිටියේ පක්ෂ මාරුකළ දයාසිරි ජයසේකරට අතීතය අමතකව ඇති බවයි.