hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 2:16



තමාට නිමල් සිරිපාල ද සිල්වා මහතා දුරකතනයෙන් කතා කළ අවස්ථාවකදී තදින් කතා කළ බව ශ්‍රීලනිප මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කළා.

17 වෙනිදා සවස 5.00ට තම පක්ෂයේ කිසිදු අනුමතියක් නොමැතිව නිමල් සිරිපාල ඇමැතිවරයා සහ මහින්ද අමරවීර ඇමැතිවරයා ගොස් නිර්පාක්ෂික ආණ්ඩුව සෑදීමේ ක්‍රියාදාමය පිළිබඳ සාකච්ජා කිරීම නිසා බවයි ජයසේකර මහතා කියා සිටියේ.

ඒ ඊයේ (05) හිරු නාලිකාවේ දේශපාලන වැඩසටහනකට එක්වෙමින්.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ සියලුම පක්ෂ ගෙන්වා සර්ව පාක්ෂික ආණ්ඩුවක් සෑදීම සම්බන්ධයෙන් කතා කළ බවත් ඒ අවස්ථාවේදී ඒ ඒ පක්ෂ වලින් නියෝජිතයන් නම් කළ බවද ජයසේකර මහතා සදහන් කළා.

ඒ අවස්ථාවේදී තම පක්ෂයේ නියෝජිතයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා නම් කළ බවද පවසා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත් වූ පසු මැයි 17 වනදා තිබූ සාකච්ඡාවට නිමල් ඇමතිවරයා සහ මහින්ද අමරවීර ඇමැතිවරයා සහභාගී වූ බවත් ඒ පිළිබඳ තමා නොදන්නා බවත් ජයසේකර මහතා කියා සිටියා.

ඒ සදහා පක්ෂයේ අනුමැතියක් නොමැති ඔවුන් සහභාගී වූ බවයි දයාසිරි මහතා සදහන් කළේ.

එම සාකච්ඡාවේදී ඇමැති ධූර ගණන කීයද? කාටද දෙන්නේ? මොනවද කරන්නේ යන්න පිළිබඳව සාකච්ඡා කර ඇති බවත් අනෙක් පක්ෂවලින් අය සහභාගී වූවත් ශ්‍රීලනිපය ඒ පිළිබඳව දැනුවත් කිරීමක් සිදු නොකළ බවද ජයසේකර මහතා වැඩිදුරටත් සදහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“රෑ මට නිමල් ඇමතිතුමා කතා කරලා කිව්වා මමත් හෙට උදේ එන්න ඕනේ කියලා. අගමැතිතුමා එක්ක තිබ්බ සාකච්ඡාවට. මම ටිකක් ඒකට හයියෙන් කෑ ගැහුවා. මට ජනාධිපතිතුමත් කිව්වා ඇයි ඔයා නිමල් ඇමතිතුමාට කෑගැහුවේ කියලා. මම කිව්වා නැහැ සර් මට ඉතින් වේදනාවක් තියෙනවා කියලා. පක්ෂයක් විදියට මේ විදියට තීන්දු ගන්න කොට තනියම ගිහිල්ලා කතා කරනකොට එහෙම කරපු එක හොද නැහැනේ කියලා. එතකොට පහුවදා අපි ගිහින් බලන් හිටියා නිමල් ඇමතිතුමා එනකන්. එතුමා ආවේ නැහැ අපි දෙන්නා අතරේ එදා යම් බහින් බස් වීමක් සිදු වුණ නිසා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: