hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 06, ප.ව. 3:29



විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අතර පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ලංකාවට ඉන්ධන ගෙන්වීම සම්බන්ධයෙන් මෙන්ම දයාසිරි ජයසේකර මහතා තවදුරටත් රාජ්‍ය අමාත්‍ය නිල නිවසක රැදී සිටීම සම්බන්ධයෙන් මෙම උණුසුම් තත්ත්වය ඇති වුණා.

කංචන විජේසේකර මහතා සඳහන් කළේ මීට මාස හයකට පෙර ආණ්ඩුවෙන් ඉවත් වූ දයාසිරි ජයසේකර තවමත් ආණ්ඩුවේ නිවස රැදී සිටින බවයි.

එයට පිළිතුරු දෙමින් දයාසිරි ජයසේකර මහතා පැවැසුවේ තමන්ට කොළඹ නිවසක් නොමැති බවත් නිවසක් හෙට ලැබෙන්නේ නම් තමන් හෙට උදේ නිල නිවසින් ඉවත් වන බවයි.

එසේම තමන්ට ලැබී ඇති විදුලි බිල තමාට පෙර සිටි අමාත්‍යවරුන්ටගේ බිලත් එකතු වී ඇති බවද අමාත්‍යවරයා පැවැසුවා.

අමාත්‍යධුරයෙන් ඉවත් වූ නාමල් රාජපක්ෂ මහතාද තවදුරටත් රැදී සිටින්නේ ඔහුට අමාත්‍යවරයෙක් ලෙස හිමිවූ නිල නිවසේ බවද දයාසිරි ජයසේකර මහතා පැවසුවා.

https://youtu.be/ury93ugLatU




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: