hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 19, ප.ව. 3:31



ඇඳුමට බෝ එකක් දමාගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්නට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

ඒ උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සභාව අමතන අතරතුර නැගී සිටිමින්.

ඊට හේතු වුණේ උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන් මහතා අද දිනයේ කලිසම් කෝට් ඇඳ ටයි පටිය වෙනුවට බෝ එකක් පැළද පාර්ලිමේන්තුවට පැමිණ සිටීමත් සමගයි.

“බෝ එකක් ඇදගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්න බෑ. සම්ප්‍රදාය තමයි යුරෝපීය ඇඳුම.”යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා නැගී සිටිමින් පවසා සිටියා.

“හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන සංස්කෘතියක් මේ රටේ තියෙන බව අප හොඳටම දන්නවා.බෝ ටයි එක ගැන ප්‍රශ්නයත් විසඳගමු.”අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසා සිටියා.