hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූනි 22, ප.ව. 2:42



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අතර අද(22) පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගෑස් අර්බුදය සම්බන්ධයෙන් සභාවේදී සිය අදහස් පළ කිරීමත් සමගයි.

නාගානන්ද කියන පුද්ගලයා දිගින් දිගටම ඩොලර් 95 තිබූ ගෑස් ඩොලර් 129ට ගෑස් මිලදී ගත් බවට චෝදනා එල්ල කරන බවත් එම චෝදනා වලට අගමැතිවරයා විසින් පිළිතුරු ලබා දිය යුතු බවත් දයාසිරි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

අගමැතිවරයා පිළිතුරු දෙමින් සඳහන් කළේ දයාසිරි මන්ත්‍රීවරයා බලන්නේ වෙනත් බලවේගයක් නිර්මාණය කිරීම බවත් ඕක අරගෙන කරණම් ගහන බවත්ය.

පඩුවස් නුවර යනු බලාපොරොත්තු කඩා වැටුණු තැනක් බවත් පඩුවස් දෙව් රජතුමා හිතුවේ විජය රජතුමාගෙන් පසු ලංකාව එකතු කිරීමට බවත් අගමැතිවරයා ඉතිහාසය ගෙනහැර දක්වමින් පිලිතුරු දුන්නා.

එම වීඩියෝව පහතින්,

https://youtu.be/yETC2fvHKHo




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: