hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 19, ප.ව. 3:50



සංචාරක අමාත්‍යංශය තුළ තේ එකක් ලබා දීමටවත් මුදල් නොමැති බව යැයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවා.

ඒ අද (19) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

ඇය එහිදී මෙසේ ද අදහස් දක්වා සිටියා,

“සංචාරක අමාත්‍යංශයේ මට තේ එකක් දෙන්න තේකොළ ටික ගන්න විදිහක් නෑ පෙටි කෑෂ් ටික. ඒ වගේ තත්වයක් තියෙන රටක් කොහොමද මේ තරම් බිලියන අපි දහයකින් මේක ඉවර කරන්නෑ. කඩදාසි ටිකත් රටින් ගේන්න ඕන බැලට් පේපර්ස් වලට. තීන්ත ටික රටින් ගේන්න ඕනේ. ඒ එකක්වත් තාම ඇණවුම් කරලාවත්, හිතලවත් නෑ. කෝ මුදල්? මේ රටේ? ඒ හින්දා මේ විහිලුව නවත්තන්න. ඡන්දයක් අවශ්‍ය නෑ මේ වෙලාවේ මේ රටට. මේ රටට, මේ ජනතාවට සහනයක් ලබාදෙමු. ඊට පස්සේ අපි ඡන්ද වලට යමු. ඊට පස්සේ ඡන්ද ඔක්කොම එක පෝලිමට තියමු.”