hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 20, පෙ.ව. 5:29



විපක්ෂ නායකතුමා බස් බෙදාගෙන යනවා. එතුමා බස් එක එළවන්නෙ ලයිසන් එකක් තියාගෙන දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී  ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී විමසුවා.

බස් එලවන්න වෙනම ලයිසන් අවශ්‍ය බව කී ඩයනා ගමගේ මහත්මිය විපක්ෂ නායකවරයාට ඒ ලයිෂන් එක තිබේ දැයි ප්‍රශ්න කළා.

ඇය එහිදී මෙසේ ද අදහස් දක්වා සිටියා,

“දැන් අපි දැක්කා මේ විපක්ෂනායකතුමා බස් බෙදාගෙන යනවා. මට අහන්න කැමතියි එතුමා බස් එක එළවන්නේ ලයිසන් එකක් තියාගෙනද? සාමාන්‍යයෙන් ඔය බස් එළවන්න හෙච්ජීවී ලයිසන් එකක් තියෙන්න ඕනේ. හෙවි ගුඩ් වෙහිකල්. දැන් එතුමාට ලයිසන් එකක් තියෙනවද? මේ බස් එළවගෙන යන්න. අනිත් එක මේ විපක්ෂ නායකතුමා එතුමා මේක කියවිල්ල කියවනවා, කියවනවා, කියවනවා, කාලය අරගෙන උදේ දහයේ ඉඳලා කතා කරනවා. මයික් ටයිසන් කෙනෙක් වගේ.”