hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 10, ප.ව. 3:06



අසනීපයක් බව කියා වඩිවෙල් සුරේෂ් මහතාගේ ඡන්ද මීටිමට විපක්ෂනායකවරයා නොගිය කාරණයෙන් ම ඔහු බොරු කරන නායකයෙක් බව තහවුරු වන්නේ යැයි මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

මෙවන් බොරු කරන නායකයන්ට රටක් කරන්න පුළුවන් දැයි ඇය ප්‍රශ්න කළා.

ලංකා මාතාව දණින් වැටී සිටි මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා කිසිම කොන්දේසියක් නැතිව ලංකා මාතාවට නැගිටින්න උරහිස දුන් බවද ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළා.

විපක්ෂය පාර්ලිමේන්තුවට නෑවිත්ම හිටියත් කමක් නැතැයි ද මන්ද ඔවුන් ආවා කියලත් කරන වැඩක් නැතැයි මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් පැවසුවා.