hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 11:31



රාත්‍රි දහයෙන් පසු කොළඹ නගරය සොහොනක් වගේ බවත් කිසිම දෙයක් නැති බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළා.

කොළඹදී මාධ්‍ය අමතමින් ඇය මෙම අදහස් පල කළා.

ඒ වේලාවෙන් පසු කොළඹ නගරය තුළ වියදම් කරන්න කිසි තැනක් නැති බවත් සංචාරකයන්ට මුදල් වියදම් කිරීමට හැකියාවක් නැති බවද ඇය පැවසුවා.

මෙරටට පැමිණෙන සංචාරකයන්ට මුදල් වියදම් කිරීම සඳහා විනෝදාස්වාද සංවිධාන ස්ථානයන් සංවිධානය කළ යුතු බවද සඳහන් කළ ඇය නිතරම සංචාරකයන්ගේ මුදල් වියදම් කළ හැකි ආකාරයට වැඩපිලිවෙලක් සකස් කළ යුතු බවද කියා සිටියා.

https://youtu.be/ugsKrDy5bZY