hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 06, පෙ.ව. 6:05



නව රාජ්‍ය අමාත්‍යවරු 37දෙනෙකු සැප්තැම්බර් 08 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

එහිදී මන්ත්‍රීවරියන් කිහිපදෙනෙකුටම රාජ්‍ය ඇමති ධූර ලබා දුන්නා.

එම අවස්ථාවේදී සුවිශේෂ සිදුවීමක් වූයේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කර පසුව ආණ්ඩු පක්ෂයට පැමිණි ඩයනා ගමගේ මන්ත්‍රීවරිය රාජ්‍ය ඇමති ධූරයේ දිවුරුම් දීමයි.

ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට පැමිණි මන්ත්‍රීවරිය දිවුරුම් ප්‍රකාශය කියවීමේදී සිනහ වෙමින් දිවුරුම් දුන්නා.

ඇමති ධූරය සඳහන් කරන අවස්ථාවේදී ඇයට සිනහ යන බවක් සජිවී විකාශයේදී පෙනී ගියා.

පසුව ජනාධිපතිවරයා අතින් රාජ්‍ය ඇමති ධූරයේ පත්වීම් ලිපිය ලබා ගන්නා අවස්ථාවේදී ජනාධිපතිවරයාද ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියට යමක් කියනු දක්නට ලැබුණු අතර එම ප්‍රකාශයක් සමඟ ජනාධිපතිවරයා සහ ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිවරියට සිනහ වෙමින් පත්වීම් ලිපිය ලබා ගෙන පිටව යන ආකාරයක් දක්නට ලැබුණා.

ඒ සම්බන්ධයෙන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය රූපවාහිනී වැඩසටහනක් එක්වෙමින් මෙසේ අදහස් දක්වා සිටියා,

“දිවුරුම් දෙනකොට අපිට සාමාන්‍යයෙන් කියන්නේ නැහැ අපිට ලබා දෙන අමාත්‍යංශය ගැන. කලින් කියන්නේ නැහැ. මම ඇත්තටම ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යතුමිය හැටියට ඉන්න හින්දා මම හිතුවා නැවතත් මට ප්‍රවාහන ලැබෙයි කියලා. මොකද ප්‍රවාහන අමාත්‍යංශයේ ගොඩක් ආයෝජකයෝ ගෙනත් තියෙනවා ලොකු වැඩසටහන් වගේකට. ඉතින් මම හිතුවා ඒ වැඩසටහන් මට ඉවර කර ගන්න නැවත ප්‍රවාහන අමාත්‍යංශය ලැබෙයි කියලා. නමුත් මම ඒක කියවන වෙලාවේ ඒකේ තිබුණේ රාජ්‍ය සංචාරක කියනකොට මට නිකන්ම හිනා ගියා. එයා දන්නවා මම හිනා වෙනකොට. මොකද මම කල්පනා කළා තවත් වැඩ කොටසක් මට ලැබිලා තියෙන්නේ කියලා. ඒ ගැන ඇත්තටම ඊට කලින් ඉගියක්වත් තිබුණේ නැහැ. හැබැයි මම ඇත්ත වශයෙන්ම ඒක ලැබුණ එක ගැන සතුටු වෙනවා. හිනා වෙලා මම අත්සන් කරලා භාර දෙනකොට ජනාධිපතිතුමා මට කිව්වා ඔන්න මම දැන් දීලා තියෙනවා අමාත්‍යංශයක් මට ඩොලර් ටික ගෙනත් දෙන්න ලංකාවට කියලා.”