hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 24, ප.ව. 6:30



සංචාරක ක්ෂේත්‍රයේ සිටින ඇතැම් නිලධාරීන් එහි දියුණුවට බාධාවක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

ඒ අනුව එවැනි නිලධාරීන්ගේ මනස වෙනස් නොකළහොත් රට ගොඩගැනීමට නොහැකිවනු ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරන්නේ.

ආර්ථික අර්බුදයක් පැවතීම හේතුවෙන් සංචාරක කර්මාන්තයේ සීග්‍ර දියුණුවක් අපේක්ෂා කළ නොහැකි බවත් කෙසේ නමුත් නොවැම්බර් හා දෙසැම්බර් මාසවල සංචාරකයන් පැමිණීමේ වර්ධනයක් අපේක්ෂා කරන බවද ඇය සඳහන් කළා.

මිනිසුන්ට කෑමට බීමට යෑමට ඒමට රටක නිදහසක් තිබිය යුතු බවත් සංචාරක ක්ෂේත්‍රයේ සිටින ඇතැම් නිලධාරීන් එහි දියුණුවට බාධාවක් බවයි සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.