hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 01, ප.ව. 3:02



සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුව අමතමින් ඊයේ ප්‍රකාශ කළේ “රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය කාක් කූඩුවේ හදපු කොහා පැටවකු වගේ” බවයි.

සමගි ජන බලවේගයත් කර තිබෙන්නේ කපුටු කූඩුවේ බිත්තර දැමීම යැයි පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවා.

ඒ අද (01) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින්.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී පැවසූ බව කී ඩයනා ගමගේ මහත්මිය ඒ කතාව ඇසුණු විට තමාට හිනා ගිය බව ද සඳහන් කළා.

සමගි ජන බලවේගය කර තිබෙන්නේ “මගේ කූඩුවට” පැමිණ බිත්තර දැමීම යැයි ද ඉතින් කපුටු කූඩුවේ බිත්තර දමන්නට එපා යැයි කියමින් ඔබතුමාගේ නායකයාට පහර ගසන්නට එපා යැයිද ඩයනා ගමගේ මහත්මිය පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: