hit counter

2024 මැයි මස 01 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 11:18



අපනයනය සඳහා කංසා නීතිගත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ ඔස්සේ ලබන වසරේදී විශාල ඩොලර් ආදායමක් රටට උපයා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවා.

තමන් මීට පෙරද පවසා ඇති පරිදි කංසා නීතිගත කර අපනයනය කිරීම මගින් විශාල ඩොලර් ආදායමක් ලබන වසරේදී උපයා ගැනීමට හැකිවවු ඇතැයිද ඇය සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇය මේ අදහස් පල කළා,

“ජනතාවට සහනයක් ලැබෙන්න ඉතින් අපි රටට ඩොලර් ගේන්නම ඕනෙ. මොකද ජනතාවට අවශ්‍ය බඩු භාණ්ඩ ගන්න, බඩු මිල පහළ දාන්න, මේ ඔක්කොම කරන්න නම් මේ රටට විදේශ විනිමය නැතිව තියෙන්නෙ, අපි ණය ගෙවාගන්න බැරුව ඉන්නෙ, ඒ හින්දා ඒක ගේන ක්‍රමයක් තමයි හදන්නෙ. ඒකත් එක්ක තවත් මගේ තියෙනවා ව්‍යාපෘති යෝජනා – මම අලුතින් කියන්න ඕනෙ නෑ, මගේ අර මීට ඉස්සෙල්ලාත් කියපු අපනයනය සඳහා කංසා නීතිගත කිරීම. ඉතින් ඒකටත් මම වැඩපිළිවෙලක් හදාගෙන යනවා. ඒක තුළින් මම විශ්වාස කරනවා ලංකාවට ලබන අවුරුද්ද වෙනකොට විශාල මුදලක් රටට ගේන්න පුළුවන් වෙයි කියලා”